Tuesday, August 21, 2012

යළි පදිංචි කෙරේ

වලිකාමම් ගම්මාන හතරක ජනතාව යළි පදිංචි කෙරේ

mp br_jaffna_resettle
යාපනයේ, වලිකාමම් උතුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොල්ලන්කලට්ටි තන්දෙයි සෙල්වාපුරම්, මාවිට්ටපුරම් හා මාවිට්ටපුරම් 04 යන ගම්මානවල ජනතාව යළි පදිංචි කිරීම පසුගිය දින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතින් සිදුවිය.
 
මෙම ගම්මාන හතර පසුගිය යුධ සමයේ අධි ආරක්ෂිත කලාපයට අයත් ව තිබූ ගම්මාන වූ අතර නැවත එම ගම්මානවල ම පැරණි අයිතිකරුවනට සිය ඉඩම්වල පදිංචිවීමට අවස්ථාව ලබා දී ඇත. ඒ අනුව පවුල් 650ක් නැවත පදිංචි කරවීම සිදුවිය. 
 
මෙම රජය කුමන අසීරුකම් තිබුණත් යුද්ධය නිසා අනාථ වූ සියලු පවුල් පියවරෙන් පියවර හැකි ඉක්මණින් පදිංචි කර අවසන් කරන බවත් පදිංචි වන සියලු දෙනාට නැවත පදිංචිවීමට අවශ්‍ය සියලු පහසුකම් සහ ජීවනෝපාය කරගෙන යාම සඳහා අවශ්‍ය කරන ආධාර උපකාර හැකි උපරිම අයුරින් ලබාගැනීමට කටයුතු කරන බව ද සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප‍්‍රකාශ කළේය. 
 
මෙම අවස්ථාවට වලිකාමම් උතුර ප‍්‍රාදේශීය ලේකම් සහ රජයේ නිලධාරීන් රැසක් සහභාගී වුහ.
 
DB

mp br_jaffna_resettle_1

mp br_jaffna_resettle_2

mp br_jaffna_resettle_3 
 
සැකසුම : රොෂානි දිසානායක

No comments:

Post a Comment