Tuesday, August 21, 2012

බිම්බෝම්බ

තව අවුරුදු 10 ක් යනතුරු බිම්බෝම්බ ඉවත්කරන්න බෑ

http://www.lakvideo.info/news/news1.htmlFebruary 6, 2012  02:28 pm

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල බිම්බෝම්බ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා තවත් වසර 10 ට වැඩි කාලයක් ගත වන බව එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහන ප්‍රකාශ කරයි.

ජාතික බිම්බෝම්බ ක්‍රියාකාරි මධ්‍යස්ථානයේ දත්තවලට අනුව උතුරු ප්‍රදේශයේ තවත් වර්ග කිලෝමිටර් 126 ක භූමි ප්‍රමාණයකතවදුරටත් බිම්බෝම්බ ඉවත් කළ යුතුව ඇති බව සඳහන්ය.

මුලතිව් ප්‍රදේශයේ ව.කි.මී 27.7 භූමි ප්‍රමාණයක් ද, කිලිනොච්චියේ ව.කි. මී 23 ක භූමි ප්‍රමාණයක් ද, වව්නියාවේ ව.කි.මී 15 ක භූමි ප්‍රමාණයක් ද යාපන‍ය ප්‍රදේශයේ ව.කි .මී 5 ක භූමි ප්‍රමාණයක් ද නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් සහ පොළොන්නරු සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල කුඩා භුමි ප්‍රදේශ කිහිපයක ද තවදුරටත් බිමබෝම්බ ඉවත්කළ යුතුව ඇති බව එම මධ්‍යස්ථානය පෙන්වාදෙයි.

2010 ජුලි මාසයේ සිට රජයේ මග පෙන්විම යටතේ බිම්බෝම්බ ඉවත් කිරිමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම ආරම්භ විය. 

සැකසුම : රොෂානි දිසානායක 

No comments:

Post a Comment