Thursday, November 22, 2012

බිම් සවිය - ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීමේ ජාතික වැඩසටහන.




ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මගින් මහින්ද චින්තන වැඩපිළිවෙල යටතේ බිම් සවිය වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ තුළින් ඉඩමේ නිරවුල් බව සුරක්ෂිත කරන අතර වඩාත් සවිමත් බිමක් ශ්‍රී ලාංකීය ජාතිය වෙත ප්‍රදානය කෙරේ.
2007 වසරේදී ජාතික වැඩසටහනක් ලෙසින් ආරම්භ කරන ලද බිම් සවිය 1998 අංක 21දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත මගින් බලාත්මක කර ඇත. මෙම වැඩසටහන මගින් ඔබගේ ඉඩම මැන හිමිකම තහවුරු කර රාජ්‍ය වගකීම සහිත හිමිකම් සහතික පතක් නොමිලේ නිකුත් කරනු ලබයි. කෙටි කලකින් ලංකාව පුරා ඉඩම් සඳහා හිමිකම් ලියාපදිංචි කර නිම කිරීම අපගේ අපේක්ෂාවයි

2007 වසරේදී ජාතික වැඩසටහනක් ලෙසින් ආරම්භ කරන ලද බිම් සවිය 1998 අංක 21දරණ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත මගින් බලාත්මක කර ඇත. මෙම වැඩසටහන මගින් ඔබගේ ඉඩම මැන හිමිකම තහවුරු කර රාජ්‍ය වගකීම සහිත හිමිකම් සහතික පතක් නොමිලේ නිකුත් කරනු ලබයි. කෙටි කලකින් ලංකාව පුරා ඉඩම් සඳහා හිමිකම් ලියාපදිංචි කර නිම කිරීම අපගේ අපේක්ෂාවයි.

මෙම කාර්යය භාරයට උර දෙන ප්‍රධාන දෙපාර්තමේන්තු 04 කි.:-

ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය,
• ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.
• මිනින්දෝරු දෙපාර්තමේන්තුව.
• ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමා‍ත්‍යාංශය,
• රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව.


අරමුණු.
  • ශ්‍රී ලංකාවේ ඉඩම් ලියාපදිංචිය වඩාත් විශ්වාසනීය, කාර්යක්ෂම, සරල ක්‍රමෝපායකට පරිවර්තනය කිරීම.
  • ඉඩම් ගැටළු හා ආරවුල් විසඳීම තුළින් එම ඉඩම් වල අයිතිය ශක්තිමත් කිරීම.
  • මනා ඉඩම් කළනාකරණයක් සඳහා වන පරිගණක ගත ඉඩම් තොරතුරු පද්ධතියක් ඇති කිරීම.



No comments:

Post a Comment