Tuesday, September 4, 2012

ලංකාවේ අපි..............


ලංකාවේ අපි සිංහල උනාට සිංහල කියන්නේ ලංකාවේ එකම ජාතිය නෙමේ.සිංහල අපි කතා කරන භාෂාවේ සිට සම්ප්‍රදාය,සංස්කෘතිය,ආර්ථිකය,දේශපාලනය ආදී බොහෝ දේ ශුද්ධ වූ සිංහල ලක්ෂණයන්ගෙන් තොරය.එනම් මේ සියල්ල ගොඩ නැගී ඇත්තේ දමිල,මුස්ලිම් ආදී වූ ලංකාවේ වෙසෙන වෙනත් ජාතීන්ගේද එකතුවෙනි.ලංකාවේ ඉතිහාසය පුරාම සිංහල,දමිල,මුස්ලිම් ආදී වූ ජාතිකයන් මෙරටෙහින් ජිවත් වී තිබේ.ඒ බවට ඉතිහාස ශාක්ෂි ඕන තරම් තිබේ.විශේෂයෙන් සිංහල සංස්කෘතිය ගොඩ නැගීම කෙරෙහි දෙමල සංස්කෘතියෙන් ඇති වී තිබෙන බල පෑම අති විශාලය.ආහාර පානවල සිට ඇඳුම් පැළදුම්,දේව ඇදහිලි හා විශ්වාස ආදී බොහෝ දේ මිශ්‍ර ලක්ෂණයන්ගෙන් යුක්තය.එහෙත් සිංහල, මහා ජාතිය බවට ලියාපදිංචි කර වර්ගවාදී න්‍යායක් මට පිහිටා බඩගෝස්තරවාදී දේශපාලනයක් ලංකාවේ බිහිකරන්නට ධනේශ්වරය කටයුතු කළේය.එහි අවසාන ප්‍රථිපලය දමිල ජනයා අසරණ කර යුදමය වශයෙන් පරාජය කර සිංහල උත්තම ජාතිය ලෙස පිහිටවිමය.දැන් සියල්ල සිදු වී හමාරය.ජාතින් වශයෙන් තමන්ට සිදු වූ පාඩුව,අවාසිය ගණනය කිරීමේ දේශපාලනය පසෙක තබා ජාතින් අතර මිත්‍රත්වය වර්ධනය කර සියලු ජාතින් එකමුතු කල යුතු කාලය දැන් එළඹ තිබේ.කතා කරන භාෂාව කුමක් වුවද ලංකාවේ අපි සියල්ලෝම ලාංකිකයෝය.එනම් ලාංකිකයන් යනු සිංහල හෝ දෙමල භාෂාවක් කතා කරන මිනිසුන්ය.බෞද්ධ,හින්දු,අල්ලා ආදී පවතින ආගමක්,තමන්ට කැමති ආගමක් අදහන ලංකාවේ වෙසෙන මිනිසුන්ය.මිශ්‍ර ජාතික,මිශ්‍ර ආගමික,මිශ්‍ර භාෂිත රට = ලංකාව.

(ආනන්ද මැදගෙදර.)

No comments:

Post a Comment