Thursday, August 23, 2012

රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳාගත යුත්තේ රට තුලමයි – එල්ලාවල මේධානන්ද හිමි


ශ්‍රී ලංකාව තුල පවතින අභ්‍යන්තර ප්‍රශ්න විසඳාගත යුත්තේ රට තුලම බව ජාතික හෙල උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් පවසනවා.
රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳාගත යුත්තේ මේ රටමයි. තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳලා දෙන්න කියලා අල්ලපු ගෙදර මනුස්සයගෙන් ඉල්ලනවා නම් ඒක  මොන නිවට කමක්ද? දෙමළ ජාතික  සන්ධානය මේ ප්‍රශ්න විස¼ඳලා දෙන්න කියලා ඉන්දියාවෙන් ඉල්ලීම මම දකින්නේ ඔවුන් ඔවුන්ගේම ජනතාවට ද්‍රොහී වීමක් කියලයි.
ලංකාව වගේ හැට ගුණයක් විශාල ඉන්දියාව වැනි රටකට ප්‍රාන්ත ක්‍රමය ගැළපුණාම අපේ රටට එය සුදුසු නෑ.  අපි පළාත් සභාවලට එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. පළාත් සභා වලින් වුණේ රට පරිහානියට පත්වීම විතරයි.අනෙක් විශේෂම කාරණය මේ රටේ දෙමළ ජනතාවට ආවේනික වූ ප්‍රශ්න නෑ. ආගමික සංස්කෘතික භාෂාමය සුළු සුළු වෙනස්කම් තියෙනවා. ඒත් ඒ ආගමික,  සංස්කෘතික අයිතිවාසිකම් පරිහරණයේදී කිසිදු බාධාවක් නෑ. ඇතැම් විට ඒවාට රාජ්‍ය අනුග්‍රහයන්ද ලැබී තියෙනවා.
මේ ගැටළුව නිසා සිංහල ජනතාවට සිදු වූ හානිය ගැන කිසිවකුගෙන් කතිකාවක් නෑ. කොටි පලවා හැරි සිංහල ජනතාවට අදටත් නිශ්චිත විසඳුමක් නෑ. නමුත් දකුණේ කිසිදු ගැටළුවකින් තොරව දෙමළ, මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. ඒ ගැන සිංහල සමාජයෙන් මැසිවලි නෑ. භාෂාව නිසා ඔවුන්ට ගැටළු තියෙනවාය කිව්වාට උතුරේ පරිපාලන කටයුතු සිද්ධ වෙන්නේ දෙමළ භාෂාවෙන්.
ඒවාගේම ඉංග්‍රීසින් මේ රට යටත් කරගෙන සිටි කාලයේ සිංහල දෙමළ මිනිස්සු තමන්ගේ කටයුතු කර නොගත්තා නොවෙයි. භාෂාව බැරිකම ඉඩම් ‍පොලිස් බලතල දීලා වෙන් කරන්න තරම් ගැටළුවක් නොවෙයි.
ආණ්ඩුව ඒ ප්‍රශ්නයටත් පිළිතුරු සපයමින් ඉන්නවා. රජයේ නිලධාරීන්ට භාෂා පුහුණුව දෙනවා. ද්‍රවිඩ පිරිස්- වලට සිංහල උගන්වනවා.
මේ රට අතීතයේ සිට බෙදා පාලනය කළේ නෑ. එක ‍පොලීසියයි  එක ආණ්ඩුවයි තිබුණේ.
‍පොලීසියේ සිංහල, දෙමළ, මුස්ලිම් අය ඉන්නවා. රටේ ඕනෑම තැනක ඉඩම් ඕනෑම කෙනකුට ගන්න පුළුවන්, යාපනයේ ඉඩම් ගන්න බැරි වුණාට. ඒ නිසා මේ රට බෙදන්න කරන යෝජනාවලට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
(sachi)

No comments:

Post a Comment