Friday, November 16, 2012

කිරිමලෙයි පුජා භූමී



යාපනයේ කිරිමලෙයි ප්‍රදේශයේ අධි ආරක්ෂක කලාපයේ ඇති කෝවිල් සදහා බැතිමතුන්ට යාමට අවසර ලබා නොදීම හේතුවෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වනවා. ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ මේ තත්ත්වය නිසා තමන්ගේ දෙනික පුද පුජ කටයුතු සිදුකර ගැනීමට බාධා මතුවී ඇති බවයි.  
කිරිමලෙයි  ප්‍රදේශවාසී කාන්තාවක් අපට මෙසේ අදහස් දැක්විය.
"කෝවිල තියෙන්නේ අධි ආරක්ෂක කලාපයේ නිසා තාම ඒක මිනිසුන්ට දීලා නෑ. ඒ නිසා අපිට එකට යන්න බැ. කෝවිල පාළුවට ගිහිල්ලා."
 "ශිවන් කෝවිල විතරයි වදින්න දීලා තියෙන්නේ. මාරි ආච්චි කොවිලටයි, ක්‍රිෂ්ණා කොවිලටයි යන්න බැ. මාරි ආච්චි කෝවිල දැන් ප්‍රතිසංස්කරණය කරගෙන යනවා. එකට දැන් විදේශිකයන්ගෙන් උදවූ  ලැබෙනවා."
ඇය අගේ මුවින්ම අදහස් ප්‍රකාශ කල අයුරු


කිරිමලෙයි කෝවිලේ පුජකතුමා මෙවැන්නක් පැවසිය .
"යුද්දෙට පස්සේ කෝවිල විනාශ වෙලා. ඒවා වල තිබ්බ පහන් ප්‍රතිමා හොරු අරන් ගිහින් දැන් නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ජනතාවගේ මුදල් වලින් තමි ප්‍රතිසංස්කරණය කරන්නේ. ඉස්සර මාසෙන් මාසෙට විශේෂ පුජාවල් පැවැත්වුවා. එත් යුද්දෙන් පස්සේ ඒ පුජාවල් කරන්න විදියක් නෑ."
"පුජා වලට දැන් කට්ටිය එන්නේ නෑ. පාරවල් තාම ඇරලා නැති නිසා. කෝවිල් තියෙන්නේ අධි ආරක්ෂක කලාපයේ නිසා ආමි ඒක ජනතාවට එන්න දෙන්නේ නෑ."
"එහා පැත්තේ විෂ්ණු කෝවිල ඇතුළු කෝවිල් තුන හතරක් තියනවා. ඒවා කොහොම තියනවද කියල අපි දන්නේ නෑ. ඒවා තියෙන්නේ අධි ආරක්ෂක කලාපයේ නිසා යන්න බැ."  

මේ ගැටලුව සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මහතාගෙන් විමසීමක් කළා . ඔහු ප්‍රකාශ කලේ යාපනය අධි ආරක්‍ෂිත කලාප සම්බන්ධ ගැටළු විසදමින් පවතින බවයි.
¨දැනට පවතින අධි ආරක්‍ෂිත කලාප දහාටෙන් දහයක් මුදාගෙන ඉවරයි. ඉතිරි ආදී ආරක්‍ෂිත කලාපත් ඉදිරියේදී ජනතා අයිතියට පවරනවා.¨

 පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මහතා.

කෙසේ වෙතත් නුදුරේදීම මෙම ගැටලුව විසදෙනු ඇති බවට යාපනයේ වැසියන් අපේක්ෂා කරයි.


සැකසුම : රොෂානි දිසානායක.





No comments:

Post a Comment