මහා ජාතිය හා වර්ගවාදය.
තිස් වසරක යුද්ධයක් අවසන්ව තෙවසරකට වඩා කාලයක් ගත වී ඇති මේ මොහොතේ
ලංකාවේ සමාජ,ආර්ථික,දේශපාලනික තත්වයන් කුමනකාරද?විශේෂයෙන් දකුණේ විවිධ
දේශපාලන ශක්තින් විවිධ මුහුනුවරයන්ගෙන් ක්‍රියාත්මක වන මොහොතක,සුපර් ස්ටාර්
තෝරන මොහොතක , ට20 සඳහා සුදානම් වන මොහොතක උතුරේ තත්වය කෙසේද යන්න දකුණේ
කිසිවෙකුට ගැටළුවක් නොවේ.එහෙත් අප උතුර ගැන මෙන්ම දකුණ ගැනද ඉතා ගැඹුරින්
සිතිය යුතු කාලය එළඹ තිබේ.
යුද්ධය අවසන්ව ටික කලකින්ම උතුර නැරඹීමේ අවස්ථාව දකුණේ ජනයට ලැබුණි.මේ නිසාම දකුණේ සෑම පුද්ගලයෙක්ටම උතුර නැරඹීමට මහත් ඕන කමක් ඇති විය.උතුරට ගොස් නරබන්නට තිබුනේ කුරිරු යුද්ධයේ නටබුන්ය.ඒවා බලා සතුටු වීමේ පශ්චාත් යුධ ප්‍රේමිත්වයක්,යුධකාමිත්වයක් දකුණේ ජනය තුල ඒ වනවිට රෝපණය වී තිබුණි.එහි වසන ජනයා හෝ ඔවුන්ගේ ජිවන තත්වයන් හෝ සමාජ තත්වයන් කෙබඳුද යන්න සොයා බැලීමට දකුණේ ජනයට අවශ්‍ය නොවුනි.ඒ දකුණේ ජනයාගේ මහජාතියේ උන්මන්තකභාවයට මනුෂ්‍යත්වය පරාද වූ හෙයිනි.
යුද්ධය පැවති සමයේ දකුණේ සමාජය තුල දමිල පුද්ගලයකු වීම මරණයට හේතුවකි.නැතිනම් අත්අඩංගුවට පත් වීමට හෝ අඩුම තරමේ මහා ජාතියේ රවුම් ගෙරවුම්වලට ලක් වීමට හේතුවකි.එහෙත් ලංකාවේ ඉතිහාසය ගොඩනැගී ඇත්තේ සිංහල මහජාතියෙන්ම පමණක් නොවේ.සිංහල ජාතියට තරම්ම නැතත් ඔවුන්ටද දිගු ඉතිහාසයක් ලංකාවේ තිබෙන බව සිංහල රාජාවලියේම සඳහන්ය.විශේෂයෙන්ම සිංහලයේ ඇතැම් රජවරුගේ බලය රැකගැනීමට දකුණු ඉන්දීය සෙබළුන්ගේ සහාය ලබා ගන්නට කටයුතු කර තිබේ.එමෙන්ම ඇතැම් රජවරුන්ට බලය ලබා ගැනීමට සහාය ලැබුනේ ඔවුන්ගෙන්ය.තවත් රජවරුන්ට බිසෝවරුන් ගෙන ආවේ දකුණු ඉන්දියවෙන්ය.එමෙන්ම රාජාවලියේ අවසන් රජුද දමිල ජාතිකයෙකි.
වර්තමාන ලාංකීය සංස්කෘතිය ගත්තද එයද මහා ජාතියේ ශුද්ධ නිර්මිතයක් නොවේ.එය මිශ්‍ර සංස්කෘතියකි.විශ්ෂයෙන් සිංහල,දමිල,මුස්ලිම් සහ වෙනත් සුළු ජාතිකයන්ගෙන් මිශ්‍රව ගොඩ නැගුනු සංස්කෘතියකි.ලාංකික සංස්කෘතික සැමරුම් අතර සුවිශේෂී සැමරුම-සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුද සිහල දෙමල ජාතින් දෙකටම අදාල දෙයකි.එහි ආහාර පානවල සිට අනිකුත් සංස්කෘතික අංගද සිංහල දමිල සාමජිය මිශ්‍රතාවකි.වර්තමාන සංස්කෘතිය සිංහල බෞද්ධ මහා ජාතියේ නිර්මිතයක් හා එයටම පමණක් හිමි දෙයක් ලෙස හංවඩු ගැසීම වූ කලි වංචාවකි.අමනොඥ ක්‍රියාවකි.ජාතිවාදී වීමකි,
දමිල ජනයාගේ ආහාර රටාවේ ප්‍රධාන අංගයකි සයිවර් කෑම.සයිවර් ආහාර.ලංකාවේ බොහෝ නගරවල සයිවර් හෝටල් එකක් හෝ පවති.ඇතැම්විට එහි අයිතිකරු සිංහල ජාතිකයෙකුද විය හැක.කෙසේ වෙතත් මේ සයිවර් කෑම වේලකට ජාතිභේදයක් නැත.තෝසේ.උළුඳු වඩේ,සාම්බාරු යනු සෑම පුඩු කෑම වේලක් වැනිය. දමිලයන්ගේ ප්‍රදාන ආහාරයක් රසවත්ව කන මහා ජාතිය ආහාරවෙලට නැති ජාතිභේදයකින් පෙලෙයි.
දමිල ජනයාගෙන් අති විශාල ප්‍රමාණයක් අදහන්නේ දෙවිවරුන්ය.ලංකාවේ රාජ්‍යත්වයට විරුද්ධව ඉන්දීය රජවරුන් කල ආක්‍රමණයන් හරහා ලංකාවේ ශිව හා හින්දු ආගම පැතිරුණු බව ලංකා ඉතිහාසයේ සඳහන්ය.මෙම දේව ඇදහිලි හා දේව ආගම් සිහලයින්ගේද ඇදහිල්ලට,වන්දනයට,ගරුබුහුමනට ලක් විය.වර්තමානයේද එය එසේමය.දමිලයන්ගේ ආගමික,දෙවධාර්මික රටාවෙන් තමන්ද පිහිට පතන බව දමිල විරෝධයෙන් පෙලෙන මහා ජාතියට මතක් කර දිය යුතුව තිබේ.
ලංකාවේ කලාව තුලද දමිල ජාතික නියෝජනයන්
දැකගත හැක.සාහිත්‍ය,නාට්‍ය කලාව,සංගීත ක්ෂේත්‍රය,සිනමාව ආදී කලාන්ගයන්ගේ
පෝෂණය උදෙසා දමිල දායකත්වය ලැබී තිබේ.වර්තමාන ලාංකීය සිනමාව ලාංකීය
අනන්‍යතාවයක් ගොඩනගාගෙන තිබේ. අ සඳහා දායක වූ දමිල ජාතිකයන්ද සිටින වග අප
අමතක කල යුතු නැත.එමෙන්ම වර්තමානයේ දකුණු ඉන්දීය සිනමාව හා එහි නිර්මාණයන්
ලාංකිකයින්ගේ නිබඳ අවධානයට ලක් වෙමින් තිබේ.ඒ නිසාම රෙජිනි
කාන්ත්,M.G.R,මාධවන්,විජෙයි,වික්‍රම් යනු ලන්කිය්ය ප්‍රේක්ෂකයන්ගේ විරයන්ය .ත්‍රීෂා,අසින්
යනු ලාංකීය තරුණ පරම්පරාවේ සිහින කුමරියන්ය.විටෙක ලාංකීය සිනමාවටත් නැති
තරම් ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් දමිල සිනමාවට ලංකාව තුල සිටි.ඒ ප්‍රේක්ෂකයන්
සිංහල දමිල මුසල්මානුවන් මෙන්ම වෙනත් ජාතිකයන්ය.ලාංකීය මහා ජාතියට දමිල
සිනමාපට නැරඹීමේදී භාෂාව නොතේරුනද විඳින සතුටට එය බාධාවක් නොවේ.එහෙත් මහා
ජාතිය,දමිල ජාතිකයෙකුගේ රංගනය බලා අපිරිමිත සතුටක් ලබන අතරම දෙමල ජනයා දෙස
වපරැසින් බැලීම නම් මන්ද මානසිකත්වයෙන් පෙලේ.යුද්ධය අවසන්ව ටික කලකින්ම උතුර නැරඹීමේ අවස්ථාව දකුණේ ජනයට ලැබුණි.මේ නිසාම දකුණේ සෑම පුද්ගලයෙක්ටම උතුර නැරඹීමට මහත් ඕන කමක් ඇති විය.උතුරට ගොස් නරබන්නට තිබුනේ කුරිරු යුද්ධයේ නටබුන්ය.ඒවා බලා සතුටු වීමේ පශ්චාත් යුධ ප්‍රේමිත්වයක්,යුධකාමිත්වයක් දකුණේ ජනය තුල ඒ වනවිට රෝපණය වී තිබුණි.එහි වසන ජනයා හෝ ඔවුන්ගේ ජිවන තත්වයන් හෝ සමාජ තත්වයන් කෙබඳුද යන්න සොයා බැලීමට දකුණේ ජනයට අවශ්‍ය නොවුනි.ඒ දකුණේ ජනයාගේ මහජාතියේ උන්මන්තකභාවයට මනුෂ්‍යත්වය පරාද වූ හෙයිනි.
යුද්ධය පැවති සමයේ දකුණේ සමාජය තුල දමිල පුද්ගලයකු වීම මරණයට හේතුවකි.නැතිනම් අත්අඩංගුවට පත් වීමට හෝ අඩුම තරමේ මහා ජාතියේ රවුම් ගෙරවුම්වලට ලක් වීමට හේතුවකි.එහෙත් ලංකාවේ ඉතිහාසය ගොඩනැගී ඇත්තේ සිංහල මහජාතියෙන්ම පමණක් නොවේ.සිංහල ජාතියට තරම්ම නැතත් ඔවුන්ටද දිගු ඉතිහාසයක් ලංකාවේ තිබෙන බව සිංහල රාජාවලියේම සඳහන්ය.විශේෂයෙන්ම සිංහලයේ ඇතැම් රජවරුගේ බලය රැකගැනීමට දකුණු ඉන්දීය සෙබළුන්ගේ සහාය ලබා ගන්නට කටයුතු කර තිබේ.එමෙන්ම ඇතැම් රජවරුන්ට බලය ලබා ගැනීමට සහාය ලැබුනේ ඔවුන්ගෙන්ය.තවත් රජවරුන්ට බිසෝවරුන් ගෙන ආවේ දකුණු ඉන්දියවෙන්ය.එමෙන්ම රාජාවලියේ අවසන් රජුද දමිල ජාතිකයෙකි.
වර්තමාන ලාංකීය සංස්කෘතිය ගත්තද එයද මහා ජාතියේ ශුද්ධ නිර්මිතයක් නොවේ.එය මිශ්‍ර සංස්කෘතියකි.විශ්ෂයෙන් සිංහල,දමිල,මුස්ලිම් සහ වෙනත් සුළු ජාතිකයන්ගෙන් මිශ්‍රව ගොඩ නැගුනු සංස්කෘතියකි.ලාංකික සංස්කෘතික සැමරුම් අතර සුවිශේෂී සැමරුම-සිංහල හින්දු අලුත් අවුරුද්ද යනුද සිහල දෙමල ජාතින් දෙකටම අදාල දෙයකි.එහි ආහාර පානවල සිට අනිකුත් සංස්කෘතික අංගද සිංහල දමිල සාමජිය මිශ්‍රතාවකි.වර්තමාන සංස්කෘතිය සිංහල බෞද්ධ මහා ජාතියේ නිර්මිතයක් හා එයටම පමණක් හිමි දෙයක් ලෙස හංවඩු ගැසීම වූ කලි වංචාවකි.අමනොඥ ක්‍රියාවකි.ජාතිවාදී වීමකි,
දමිල ජනයාගේ ආහාර රටාවේ ප්‍රධාන අංගයකි සයිවර් කෑම.සයිවර් ආහාර.ලංකාවේ බොහෝ නගරවල සයිවර් හෝටල් එකක් හෝ පවති.ඇතැම්විට එහි අයිතිකරු සිංහල ජාතිකයෙකුද විය හැක.කෙසේ වෙතත් මේ සයිවර් කෑම වේලකට ජාතිභේදයක් නැත.තෝසේ.උළුඳු වඩේ,සාම්බාරු යනු සෑම පුඩු කෑම වේලක් වැනිය. දමිලයන්ගේ ප්‍රදාන ආහාරයක් රසවත්ව කන මහා ජාතිය ආහාරවෙලට නැති ජාතිභේදයකින් පෙලෙයි.
දමිල ජනයාගෙන් අති විශාල ප්‍රමාණයක් අදහන්නේ දෙවිවරුන්ය.ලංකාවේ රාජ්‍යත්වයට විරුද්ධව ඉන්දීය රජවරුන් කල ආක්‍රමණයන් හරහා ලංකාවේ ශිව හා හින්දු ආගම පැතිරුණු බව ලංකා ඉතිහාසයේ සඳහන්ය.මෙම දේව ඇදහිලි හා දේව ආගම් සිහලයින්ගේද ඇදහිල්ලට,වන්දනයට,ගරුබුහුමනට ලක් විය.වර්තමානයේද එය එසේමය.දමිලයන්ගේ ආගමික,දෙවධාර්මික රටාවෙන් තමන්ද පිහිට පතන බව දමිල විරෝධයෙන් පෙලෙන මහා ජාතියට මතක් කර දිය යුතුව තිබේ.
මේ වරද සිදුවන්නේ කෙසේද?
සැබවින්ම මෙය දේශපාලනික ක්‍රියාවලියකි.දේශපාලනික නිර්මිතයකි.මේ අවබෝධය ඇතී සිංහල දෙමල මුසල්මානු ජාතිකයන් අතීතයේ මෙන්ම වර්තමානයේද ජිවත් වේ.එහෙත් යම් යම් මුලධර්මවාදීන්,ධනේශ්වරයේ ගැත්තන් තමන්ගේ න්‍යායන්ගේ වාසිය උදෙසා මනුෂ්‍යත්වය පාවා දෙමින් ජාතින් අතර භේද භින්නතා ඇතී කරයි.පටු දේශපාලන වාසි උදෙසා සිදු කරන මේ අමනොඥ ක්‍රියා නිසා බැටකන්නේ සමාජයේ පහලම ස්ථරයේ සිටිනා මිනිසුන්ය.
ආනන්ද මැදගෙදර .
No comments:
Post a Comment