යාපනය ක්ශේත්‍ර චාරිකාවේ සාරාංශය මෙසේ දිග හරින්නෙමි.
2012.08.27
වන දින නාරාහේන්පිට ශ්‍රී ලංකා ජන මාධ්‍ය විද්‍යාලයෙන් ගමන් ඇරබි අප
කුරුණෑගලින් ප්‍රථමයෙන් බස් රථය නතර කලේ උදැසන තේ පානය සදහායි. එතෙක් ගීත
ගයමින්, නටමින්, විහිලු තහලු කරමින්, ගමන් කල අප ඉන් විශාල ආස්වාදයක්
ලැබුවෙමු. කොලබ සිට යාපනය දක්වා ගමන් කිරීම ඉතා වෙහෙසකර වුවත් අපට ඒ වෙහෙස
නොදැනුනේ සම වයස් සිමා වල ළමුන් බොහෝමයක් මෙම චාරිකාවට එක් වීම නිසායි.
ළමුන් පමණක් නොව ගුරු භවතුන්ද, කාර්ය මණ්ඩලයද ඉතා සුහදශිලිව සැහැල්ලුවෙන්
අප සමග එක් විය.
පසුව දහවල් ආහාරය සදහා බස් රථය නතර කරන ලද්දේ අනුරාධපුර පුජා නගරයෙනි. දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව සෑම දෙනාම කතිකා කොට ගත් පරිදි මින් පසුව බස් රථය නතර කිරීමට බලාපොරොත්තු වුයේ යාපනයේ අප නැවතීමට සිටින හෝටලයේය. එසේ අප කතිකා කොට ගත්තේ අප ඉක්මණින් රෑ බෝ වීමට ප්‍රථම යා ගත යුතු නිසාය.
පසුව දහවල් ආහාරය සදහා බස් රථය නතර කරන ලද්දේ අනුරාධපුර පුජා නගරයෙනි. දහවල් ආහාරය ගැනීමෙන් අනතුරුව සෑම දෙනාම කතිකා කොට ගත් පරිදි මින් පසුව බස් රථය නතර කිරීමට බලාපොරොත්තු වුයේ යාපනයේ අප නැවතීමට සිටින හෝටලයේය. එසේ අප කතිකා කොට ගත්තේ අප ඉක්මණින් රෑ බෝ වීමට ප්‍රථම යා ගත යුතු නිසාය.
කෙසේ හෝ රාත්‍රී 10 ට පමණ අප හෝටලයට ලගා වන්නට ඇත. සියල්ලෝම රාත්‍රී ආහාරය ගෙන ඉක්මණින් නින්දට ගියේ තිබු ගමන් මහන්සිය හේතුවෙනි.
පසුදා
උදැසනම සියලු දෙනාම අවදි වී ලහි ලහියේ සුදානම් වුයේ අපට යාපනයේ ආරක්ෂක
සේනා මුලස්ථානයේ දැනුවත් කිරීම් දේශනයක් පැවැත්වෙන නිසයි.
අප 5 වන කණ්ඩායම වූ අතර අපට ලැබී තිබුනේ
යාපනයේ පවතින ඉඩම් ප්‍රශ්න පිළිබද සොයා බැලීමටයි. කොලබ සිට වෙන් කර තිබු
වෙලාවකට අනුව ප්‍රථමයෙන් ශ්‍රී ශක්තිවෙල් ( NGO Council) මහතා හමු වීමට
නැවත අප නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණියේය. අප සියලු දෙනාම ඔහුගෙන් සැහෙන
තරම් තොරතුරු ලබා ගතිමු. ඔහු තම දේශනය සම්පුර්ණයෙන්ම දෙමල භාෂාවෙන් සිදු
කිරීම නිසා සිංහල සිසුන්ට එය තේරුම් ගැනීම තරමක් අපහසු විය. පසුව ඔහුගෙන්
හඩ පටයක්ද ලබා ගෙන අප ඔහුට සමු දුනි.
ඉන් පසු අප පළාත් ඉඩම් සභා කාර්යාලයට ගොස් එහි සභාපති දයානන්දන් මහතා හමු වී තොරතුරු ලබා ගතිමු.
පසු
දින (29) උදැසන ආහාරයෙන් පසුව පෙරවරු 8.30 ට පමණ කිරිමලේ දක්වා ගමන්
ආරම්භ කලේ එහි වාසය කරන ජනයාගේ ගැටළු සොයා බැලීමටයි. ප්‍රදීපන් සහ සදිපන්
යන මද්යවෙදින් දෙදෙනාද අප සමග මේ ගමනට එක් විය. කිරිමලේට පය තබනවාත් සමගම
අමුතුම බිය මුසු හැගීමක් අපට ඇති විය. ඒ තාමත් ඒ භුමිය පුරාවට වෙඩි උණ්ඩ
දක්නට ලැබුණු නිසයි. යුද්දයේ තිබු බියකරු බව අපට ඉන් පසක් විය.
කිරිමලේට
ගිය අප එහි සිටි වැසියන් දෙතුන් දෙනෙකු සමග සාකච්චා කොට ඔවුන්ට තිබෙන ගැටළු
සටහන් කොට ගතිමු.
රුප ගත කොට ගතිමු. එහි සිටි සියලු ජනතාව අහිංසක දුප්පත්
අය වුහ. ඔවුන් සුහදශීලි පිරිසකි. අපට සිසිල් පැන් බෝතලයකින් සංග්‍රහ කිරීමට
තරම් ඔවුන් කාරුණික වුහ. ඒ ඔවුන්ගේ ස්වභාවයි.
ඉන් පසු අප
නගුලේශ්වරම් අම්මාන් කෝවිලට ගියේ එය අධි ආරක්ෂක කලාපයේ පිහිටි එකක් නිසයි.
මෙම කෝවිලට පැමිණෙන බැතිමතුන්ට එයට යාමට නොහැක. නමුත් ඊට නුදුරින් කෝවිලක්
ඉදි කොට දී ඇත්තේ බැතිමතුන්ගේ සුභ සිද්ධිය සදහායි.
කෝවිලේ සිටි පුසාරි
තුමා අපට මේ සියලුම තොරතුරු ලබා දී තේ පැන් සංග්‍රහයක් කළේය. පසුව එම
කෝවිලේ පිහිටි සුප්‍රසිද්ධ පොකුණ නැරබු අප එහි සිටම අපගේ ඊලග සැලසුම
සාකච්චා කොට ගතිමු.
අප කොළබ සිටියදී හමුදා මාධ්‍ය ප්‍රකාශක
තුමන්ව අපගේ වැඩ කටයුතු සදහා සම්බන්ධ කොට ගත් නිසා ඔහුගේ උදවුවෙන් අපට
කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාපයට යාමට අවස්ථාව ලැබුණි. ඒ සදහා අප සමග හමුදා
නිලදරියෙකු එක් විය. එම අධි ආරක්ෂක කලාපය තුල තිබෙන මිට කලකට ඉහතදී
පාවිච්චි කල දුම්රිය ස්ථානය සහ දැනට ඉදි වෙමින් පවතින සංචාරක හෝටලය අපට දැක
ගැනීමට හැකි විය. මේ සියලු කටයුතු හමාර කරන විට වෙලාව පස්වරු 5 ට පමණ
ඇත.
පසුදා උදැසන
ආහාරයෙන් පසු අප යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගියේ EPDP
පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේකාරම් මහතා මුණ ගැසීමටයි. ඔහුගෙන්ද
යාපනයේ දැනට පවතින ඉඩම් ප්‍රශ්න සම්බන්ධයෙන් තොරතුරු අසා දැන ගතිමු. එම
සාකච්චාව සදහා නොසිතු පරිදි කාලය ගත වූ හෙයින් දවසේ ඉදිරි වැඩ කටයුතු වලට
අපට එය බහදවක් විය.
එම සාකච්චාවෙන් අනතුරුව අප මුස්ලිම්
ජනතාවගේ දැනට පවතින් ඉඩම් ගැටළු මොනවද යන්න සොයා බැලීම සදහා මාන්කුම්බන්
ප්‍රදේශය සදහා ගමන් ආරම්භ කළෙමු. එය යාපනයේ සිට කිලෝමීටර් 20 ක දුරින්
පිහිටි මුහුදු බඩ ප්‍රදේශයකි. එම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජිවන උපාය ධිවර
කර්මාන්තය වන අතර ඔවුන් ඉතා දුෂ්කර ජිවිතයක් ගත කරන අයවලුන්ය. යුද්ධය සමයේ
පුත්තලම ප්‍රදේශයට ගොස් නැවත එම ප්‍රදේශයට ඔවුන් පැමිණ ඇත.
ඔවුන්ගෙන්ද හැකිතාක් තොරතුරු එක කර ගත අප ඉන් අනතුරුව ගොවි බිම් කිහිපයක් පරික්ෂා කළෙමු.
සැකසුම : රොෂානි දිසානායක
No comments:
Post a Comment